A Brand of Non Media Shout (Private) Limited

ට්‍රක් රථ රියදුරන්ට එන්නත් කළ යුතු බවට නව රීතියක් හඳුන්වාදීමෙන් පසු ඔටාවාවලට හදිසි තත්ත්වයක් (Video)

කොවිඩ් සීමා කිරීම්වලට එරෙහිව සතියකට වැඩි කාලයක් කැනඩාවේ අගනුවර වන ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන් විරෝධතාවල නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම විරෝධතාවලට

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් සීමා කිරීම්වලට එරෙහිව සතියකට වැඩි කාලයක් කැනඩාවේ අගනුවර වන ඔටාවා නගරයේ ට්‍රක් රථ රියදුරන් විරෝධතාවල නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම විරෝධතාවලට ප්‍රතිචාර වශයෙන් කැනඩාවේ අගනුවර වන ඔටාවාහි නගරාධිපතිවරයා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නගරය “සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොර” බවත්, පෙලපාලිකරුවන් පොලිසියට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවත් සඳහන්.

ඔටාවා මධ්‍යස්ථානය අඩාල වී ඇති අතර වාහනවලින්  සහ කූඩාරම් සෑදීමෙන් මාර්ග අවහිර වී තිබෙනවා

එක්සත් ජනපද-කැනඩා දේශසීමා තරණය කිරීම සඳහා සියලුම ට්‍රක් රථවල රියදුරන්ට  එන්නත් කළ යුතු බවට නව රීතියක් පසුගිය මාසයේ හඳුන්වා දීමෙන් පසු  මෙම  රථ පෙළපාලි විරෝධතා පැවැත්වෙන බවයි පැවසෙන්නේ.

 

තවත් පුවත්