A Brand of Non Media Shout (Private) Limited

60,000ක සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයක..

හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (07දා)  උදෑසන 7.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්

මිතුරන් සමග ‌බෙදාගන්න

හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (07දා)  උදෑසන 7.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරනවා.රෝහල්වල හා සෞඛ්‍ය ආයතන තුළ මෙම සේවා තුනට අයත් 60,000 පිරිසක් අද සිට ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සේවයට වාර්තා නොකරන බවයි  එම සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ. මානුෂීය හේතූන් මත මෙම සේවා තුනටම අයත් පිරිස් විසින් රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කරනවා.

මීට අමතරව මාතෘ හා ළමා රෝහල් හා පිළිකා සහ වකුගඩු රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නා රෝහල් තුළත් සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ.

තවත් පුවත්