A Brand of Non Media Shout (Private) Limited

කාබුල් නුවරින් අමෙරිකානු හමුදා ඉවත් කර ගනී

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවරින් අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම අවසන් අදියරට පැමිණ තිබේ. ඒ අනුව දශක 02කට අධික කාලයක් එරට ක්‍රියාත්මක වූ අමෙරිකානු හමුදා මෙහෙයුම්

මිතුරන් සමග ‌බෙදාගන්න

ඇෆ්ඝනිස්ථානයේ කාබුල් නුවරින් අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම අවසන් අදියරට පැමිණ තිබේ.
ඒ අනුව දශක 02කට අධික කාලයක් එරට ක්‍රියාත්මක වූ අමෙරිකානු හමුදා මෙහෙයුම් අවසන් වනු ඇති.

ලබන අඟහරුවාදා වනවිට සියලු හමුදා සාමාජිකයින් ඉවත් කර ගැනීම සිය අරමුණ බව අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් සඳහන් කළේ ය.

තවත් සිවිල් වැසියන් දහසක් පමණ රටින් පිටවීමේ අපේක්ෂාවෙන් කාබුල් ගුවන් තොටුපොළේ රැඳී සිටී.

ඔවුන් සියලුදෙනා පිටව යාමෙන් පසුව කාබුල් ගුවන්තොටුපොළ තලේබාන් සංවිධානයේ පූර්ණ පාලනයට නතු වනු ඇති.

මේ අතර ඇෆ්ඝනිස්ථානයේ කාබුල් ගුවන් තොටුපොළට අද (29) තවත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් අනතුරු අඟවයි.

ඔහු පැවසුවේ, හමුදා අණදෙන නිලධාරීන් ඒ පිළිබඳව තමන්ට තහවුරු කළ බවය.

ඇෆ්ඝනිස්ථානයේ රැඳී සිටින සිය වැසියන් ඉවත් කර ගැනීම අමෙරිකාව මෙතෙක් අවසන් කර නොමැත.

බ්‍රිතාන්‍ය ඊයේ (28) සිය වැසියන් ඉවත් කර ගැනීම අවසන් කළ අතර හමුදා සාමාජිකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් හා නිලධාරීන් ඊට ඇතුළත් ය.

ඉකුත් බ්‍රහස්පතින්දා කාබුල් ගුවන් තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 170 දෙනෙකු මිය ගියේ ය.

එම ප්‍රහාරයේ වගකීම භාරගනු ලැබුවේ ඇෆ්ඝනිස්ථානයේ ක්‍රියාත්මක අයි.එස්.කේ. ත්‍රස්ත සංවිධානය විසින් ය. ( Nine News )

තවත් පුවත්