A Brand of Non Media Shout (Private) Limited

Ceypetco ඉන්ධන මිලේ වැඩිවීමක් නෑ – අමාත්‍ය උදය ගම්මන්පිල…

ලංකා IOC සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ඉහළ නැංවීමට මෙතෙක් තීරණයකර නොමැති

මිතුරන් සමග ‌බෙදාගන්න

ලංකා IOC සමාගම ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ඉහළ නැංවීමට මෙතෙක් තීරණයකර නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

කෙසේ වෙතත් ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණයත් සමඟ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිටවුම්හල් අසල දිගු පෝලිම් දැකගත හැකි වුණා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම සිය ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් ද, ඩීසල් සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 ලීටරයක් රුපියල් තුන බැගින් ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 213ක් දක්වා ඉහළ ගියා.

එම සමාගමේ ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 124ක් ලෙසටයි.

තවත් පුවත්