A Brand of Non Media Shout (Private) Limited

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරගාවලිය වෙනුවෙන් ඩැනියල් සෑම්ස් ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවයි…

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා ඩැනියල් සෑම්ස් ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා. තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල්

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා ඩැනියල් සෑම්ස් ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති බව වාර්තා වනවා.

තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් සෑම්ස් සීමිත ඕවර තරඟවලදී වැඩි දක්ෂතාවයක් පෙන්නුම් කිරීම හැකි ක්‍රීඩකයෙක් වීම හේතුවෙන් ඔහු මෙලෙස සංචිතයට කැඳවන්නට ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

29 වන වියේ පසුවන ඩැනියල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුවාර විස්ස ජාත්‍යන්තර තරග 04කට ක්‍රීඩාකර ලකුණු 54ක් රැස්කරගනිමින් කඩුලු 04ක් බිදහෙලා තිබෙනවා.

සෑම්ස් පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සංචිතයට ද එක්ව සිටි ක්‍රීඩකයෙක්.

ඔහු නිමා වූ බිග් බෑෂ් ලීග් තරගාවලියේ තරග 15කට සහභාගී වී කඩුලු 19ක් දවාගැනීමට සමත් වූ අතර ලකුණු 191ක් රැස් කිරීමට ද සමත් වුණා.

මේ අතර පෙබරවාරි 11 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් විවේක ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

ඕස්ට්‍රේලියානු සංචිතය පහතින්..

Aaron Finch, Ashton Agar, Pat Cummins, Josh Hazlewood, Travis Head, Moises Henriques, Josh Inglis, Daniel Sams, Ben McDermott, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, Adam Zampa

තවත් පුවත්