තණමල්විල – වැල්ලවාය මාර්ගයේ, තණමල්විල , බලහරුව මංසන්ධියේ පිහිටා ඇති එළවළු තොග එක් රැස් කර අලෙවි කරන වෙලඳසැලකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි සිටි පිරිස බිය ගන්වා, පහර දී මුදල් සහ රන් ආභරණ කොල්ලකා පලා ගොස් තිබෙනවා.
කඩුවක් සහ ගිනි අවියක් සහිතව යතුරු පැදියකින් පැමිණි තිදෙනෙකු මෙම කොල්ලය සිදු කරන ආකාරය වෙලදසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවකඳ සටහන් වී තිබුණා.
වෙලඳසැලේ තිබූ රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් සහ වෙලඳසැල් හිමිකරු සන්තකයේ තිබූ රන් ආභරණ ද කොල්ලකා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් වෙලදසැල් හිමිකරු තණමල්විල පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.