A Brand of Non Media Shout (Private) Limited

දඬුවම් දෙන්න යන අලුත් විදිහ…

බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්පයක් ලෙස නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු

මිතුරන් සමග ‌බෙදාගන්න

බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්පයක් ලෙස නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී තිබෙනවා.

ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් පස් අවුරුදු සැලැස්මකට අනුව ව්‍යාපෘතිය යටතේයි.

බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්පයක් ලෙස දියුණු විශෝධන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන රටවල භාවිතා කෙරෙන නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමටද ඉහත පස් අවුරුදු සැලැස්ම මගින් යෝජනාකර තිබෙන අතර United Nations Standard Minimum Rules for Non-custodial Measures (The Tokyo Rules) මගින්ද මෙවැනි විකල්පයන් ප්‍රවර්ධනය කෙරෙනවා.

නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයේ දී සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන මෙන්ම සුළු දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාරගත නොකොට ඔවුන්ගේ නිවෙස්වලම නියමිත කාලය තුළ රැඳවීම සිදුකරන අතර තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ව අධීක්ෂණය කිරීම සිදුකරනු ලබනවා.

තවද සෞඛ්‍ය අවශ්‍යතා, රැකියා අවශ්‍යතා වැනි සීමා සහිත හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව හිමිවනවා.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මකවීම තුළ සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වන පිරිස් අඩුවීම හරහා බන්ධනාගාර තදබදය අවම වීම සිදුවනවා සේම විශාල මුදලක් රජයට ඉතිරිවීමද සිදු වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තවද දඩ ගෙවා ගැනීමට අපොහොසත් වීම මත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමිවීම හේතුවෙන් දඩමුදල ගෙවීමට ඔවුන්ට නොහැකි වන අතරම ඔවුන් බන්ධනාගාර තුළ රැඳවීම නිසා රජයට ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමටද සිදුවන බව සඳහන්.

ඒ අනුව දඩමුදල ගෙවීමට නොහැකිවීම නිසා බන්ධනාගාරගත වන රැඳවියන් සඳහා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මගින් ඔවුන්ට රැකියාවකට යාමට අවස්ථාව ලැබීම තුළින් තම දඩමුදල ගෙවාගැනීමට අවස්ථාවද සැලසෙනවා.

තවත් පුවත්