බඩල්ගම ප්‍රදේශයේ නිවසකදී 11 හැවිරිදි පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියට අදාළව මව ,පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.අදාළ දරුවා නිදන්ගත රෝගයකට කලක සිට ප්‍රතිකාර ලබා තිබෙන අතර පසුව එම අසනීපය සුව කරගැනීමට දෙමාපියන් විසින් ඔවුන්ගේ ආගමට අනුව යාච්ඤා කිරීම් සිදුකර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා
එම යාච්ඤාව සිදුකරන අතර තුර දරුවා මියගොස් ඇති බවත් ,දරුවාගේ ප්‍රාණය නැවත ලබාගැනීමට නොකඩවා දෙමාපියන් විසින් යාච්ඤා කර ඇති බවත් , කිසිදු අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට කටයුතු කර නොමැති බවත් සඳහන්.
ප්‍රදේශය පුරා හමාගිය දුර්ගන්ධය හේතුවෙන් සැක සිතී පොලීසියට ලද පැමිණිල්ලක් මත එම නිවස පරීක්ෂා කළ විට කාමරයක් තුළ තිබී මෙම 11 හැවිරිදි පිරිමි දරුවාගේ දේහය සොයා ගත් බව පොලිසිය සඳහන් කරනවා.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගම පොලීසිය විසින් සිදුකරනු ලබනවා.