A Brand of Non Media Shout (Private) Limited

ඇෆ්ගනිස්ථානයේ අයිතීන් ඉල්ලූ කාන්තාවන් රැසක් අතුරුදන් (Video)

ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් ඉල්ලා විරෝධතාවලට සහභාගී වූ කාන්තාවන් රැසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මේ අතර තලේබාන් සංවිධානය ඔවුන් රඳවාගෙන සිටින බව

මිතුරන් සමග ‌බෙදාගන්න

ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් ඉල්ලා විරෝධතාවලට සහභාගී වූ කාන්තාවන් රැසක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.මේ අතර තලේබාන් සංවිධානය ඔවුන් රඳවාගෙන සිටින බව ප්‍රතික්ෂේප කරමින් පසුගිය පාලනය සමඟ වැඩ කළ සියලු දෙනාට පොදු සමාවක් ලබා දී ඇති බව ද සඳහන් කරනවා. තලේබාන්වරුන්ගේ  පළිගැනීම් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ සහ ඝාතන පිළිබඳ සාක්ෂි පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් මොවුන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි පැවසෙන්නේ. මේ අතර ක්‍රියාකාරීන්ට, මාධ්‍යවේදීන්ට, හිටපු රජයේ නිලධාරීන්ට සහ ආරක්ෂක අංශවලට එරෙහිව පළිගැනීමේ අවස්ථාවන් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

 

 

තවත් පුවත්