සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අද

58වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ දී පැවැත්විණි. සාම්ප්‍රදායිකව

මිතුරන් සමග බෙදාගන්න

58වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ දී පැවැත්විණි.

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ අරමුණින් සිදුකරන මෙම ‘ජාතික අලුත් සහල් මංගල්‍යය” රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයක් වේ.

‘කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි’ ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වී රටට, ජාතියට සෙත් පැතීම මෙහි අරමුණ වේ.

අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීම සිදුකෙරුණි.

මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඊට ජනාධිපතිවරයා, රජයේ මැති ඇමතිවරුන් සහ ගොවි නායකයින්ද සහභාගි වූහ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මී පැණි පූජා කිරීම සඳහා ආදිවාදි උපනායක විසින් ජනාධිපතිවරයාට මී පැණි ලබාදීමත්, රත්නපුර මහ සමන් දේවාලය විසින් මල් පූජාව සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍ය ලබාදීමත් මෙහිදී සිදුකෙරුණා.

මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ කෘෂිකර්මාන්තයේ නව පිබිදීමක් වෙනුවෙන් වාරි කර්මාන්තය දියුණු කිරීමට රජය කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙලෙස පැවසීය,

“මට මතකයි, අස්වැන්න නෙලලා ගෙදරට වී ගෙනාවට පස්සේ අපේ ගෙවල් වල වී ටික කඳු ගහන්න ලොකු ඉඩක් නෑ.අපි ගෙදර වී ගෝනි තියලා ඒ වී ගෝනි උඩ නිදාගන්නවා. අපි කවුරුත් කෘෂිකර්මාන්තයේ යෙදුණු අය. අපි ගොවි අම්මා අප්පලාගේ දරුවෝ. ජනතාව විඳින අනේකවිධ දුක්ඛ දෝමනස්ස ගැන අවබෝධයක් තියෙන මිනිස්සු. මේ රටේ ගොවීන්ට කෘෂිකර්මයට අනාගතයක් ගැන විශ්වාසය තැබිය හැකි සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ අපෙන් පමණයි.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්