A Brand of Non Media Shout (Private) Limited

සතියකට පාර්ලිමේන්තු ආපු කෙනා වාහන පර්මිට් එක කෝටි 6කට විකිණුවා – ඇමැති රෝහිත අබේගුණවර්ධන

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වර්ජන මෙහෙයවන පිරිමි නර්ස් නෝනා කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් සතියකට පාර්ලිමේන්තුවට පත්ව ලබා ගත් තීරුබදු රහිත වාහන බලපත‍්‍රය වාහන සේල් එකකට රුපියල් කෝටි

මිතුරන් සමග ‌බෙදාගන්න

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වර්ජන මෙහෙයවන පිරිමි නර්ස් නෝනා කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් සතියකට පාර්ලිමේන්තුවට පත්ව ලබා ගත් තීරුබදු රහිත වාහන බලපත‍්‍රය වාහන සේල් එකකට රුපියල් කෝටි 06කට විකුණා ඇතැයි වරාය හා නාවික කටයුතු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය.

ඔහු දින 05ක් පමණක් පාර්ලිමේන්තු රැුස්වීම්වලට සහභාගි වී ඇති අතර යහපාලන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ හිටපු සෞඛ්‍ය ඇමැති රාජිතගේ කරට අත දමා සිටි සමයේ ඔහුට තම ක්ෂේත‍්‍රයේ සේවකයන්ගේ වැටුප් විෂමතා ඇති බව කියා විසඳුම් ලබා ගැනීමට අමතක වූ බවද ඇමැතිවරයා කීය.

මේ වන විට ඔහු රටට ආදරෙයි ජනතාව දුක්විඳිනවා කියා වර්ජනයේ නිරත වෙමින් අසරණ රෝගීන් මරණයට පත් කරන බවත්, මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගවලට එරෙහිව බය නැතිව තීරණයක් ගත යුතු බවත් ඇමැතිවරයා පැවසීය.

තවත් පුවත්