කොවිඩ් පාලන සීමාවන්ට එරෙහිව ඇතැම් රටවල්වල විරෝධතා..

කොවිඩ් සීමාවන්ට එරෙහිව විරෝධතා ආරම්භ කළ ප්‍රංශ මෝටර් රථ රියදුරන් බෙල්ජියමේ බ්‍රසල්ස් දක්වා විරෝධතා රථ පෙළපාලියක් ආරම්භ කර තිබෙනවා. මේ අතර , කොවිඩ් වසංගතය

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් සීමාවන්ට එරෙහිව විරෝධතා ආරම්භ කළ ප්‍රංශ මෝටර් රථ රියදුරන් බෙල්ජියමේ බ්‍රසල්ස් දක්වා විරෝධතා රථ පෙළපාලියක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර , කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්තවීම ආරම්භවීමෙන් පසු පළමුවරට දකුණු පැසිපික් සාගරයේ පිහිටි කුක් දිවයිනෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වුණා.

නවසීලන්තයේ සිට කුක් දිවයිනට පැමිණි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ සිදුකළ පරීක්‍ෂාවන්වලදී අනාවරණ වුණේ ඔහු දින දහයකට ආසන්න කාලයක් දූපතේ රැඳී සිට ඇති බවයි.

මේ නිසා මේ වනවිට වෛරසය සමාජ සම්ප්‍රේෂණ මට්ටමට පැමිණ ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර, එන්නත්කරණය අනිවාර්ය කිරීමට සහ කොවිඩ් පාලන සීමාවන්ට එරෙහිව ලොව පුරා රටවල්වල තවදුරටත් විරෝධතා ක්‍රියාත්මකයි.

කැනඩාවේ ට්‍රක් රථ රියදුරන් ආරම්භ කළ විරෝධතා, අධිකරණ වාරණ නියෝග නොතකමින් තවදුරටත් ක්‍රියාත්මක වන පසුබිමක විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ආරක්‍ෂක අංශ මෙලෙස පියවර ගනු ලැබුවා.

තවද , කොවිඩ් පාලන සීමාවන්ට විරෝධය පළ කරමින් ප්‍රංශයේ පැරිස් නුවර මෝටර් රථ රියදුරන් බෙල්ජියමේ බ්‍රසල්ස් දක්වා විරෝධතා පෙළපාලියක් ආරම්භ කර තිබෙනවා.

කොවිඩ් සීමාවන්ට එරෙහිව පැරිස් නුවර දියත් වූ විරෝධතාවන්ද උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ග්‍රීසියේ සෞඛ්‍ය සේවකයන් මෙලෙසින් නර්ථනයේ යෙදෙමින් සිය විරෝධය පළ කළේ එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීමට එරෙහිවයි.

ගත වූ දිනයේදී වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැණුනේ රුසියාවෙන්.

එම සංඛ්‍යාව එක්ලක්‍ෂ 97,000කට අධිකයි.

ඊයේ දින වැඩිම කොවිඩ් මරණ වාර්තා වුණේ ද රුසියාවෙන්.

මේ වනවිට ලොවපුරා වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාවහතලිස් එක් කෝටි විසි ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.

තවත් පුවත්