ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා පදිංචි පිළියන්දල වෑවල පිහිටි නිවසට ඊයේ (14 වැනිදා) අලූයම එල්ල වූ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පටිගතවූ සී සී ටී වී දර්ශන සහ දුරකථන සංවාද ඔස්සේ මෙම විමර්ශනය කි‍්‍රයාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
වැගන් ආර් වර්ගයේ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සන්නද්ධ මැර පිරිස ඊයේ අලූයම 2.00 ට පමණ මෙම ප‍්‍රහාර එල්ල කර ඇත.

පොලිසිය සිදුකළ විමර්ශන වලින් හෙළිවී ඇත්තේ මෙම ප‍්‍රහාරය ස`දහා පුද්ගලයන් පස්දෙනෙකු පැමිණ ඇති බවයි.
මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ පිලියන්දල පොලිසියේ නිලධාරීන් ඊයේ අලූයම 12.45 ට පමණ චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට පැමිණ පොලිස් ජංගම සංචාර සටහන් පොත අත්සන් කර ගොස් පැයකට පමණ පසුව වීම විශේෂ සිද්ධියකි.චමුදිත සමරවික‍්‍රම මහතා පදිංචි නිවස පිහිටා ඇත්තේ පිලියන්දල වෑවල පිහිටි නිවාස සංකීර්ණයකය. මෙම නිවාස සංකීර්ණයට ආරක්‍ෂාව ස`දහා ආරක්‍ෂක නිලධාරීන්ද යොදවා සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ එහි එක් ආරක්‍ෂක නිලධාරියකු රාජකාරි කරමින් සිට ඇත.
ඊයේ අලූයම එහි පැමිණි මැර පිරිස ආරක්‍ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර මරණීය තර්ජනය කර ඔහු පුටුවක වාඩිකරවා තිබේ. පසුව එක් මැරයකු ආරක්‍ෂක නිලධාරියා අසල සිටියදී තවත් තිදෙනකු චමුදිත සමරවික‍්‍රම මහතා පදිංචි නිවස අසලට ගොස් ඇත.
පසුව මෙම මැරයන් තිදෙනා චමුදිත මහතාගේ නිවසට ගල් ප‍්‍රහාර 12 ක් එල්ල කර ඇති අතර අසූචි පිරවූ මලූ දෙකක් සහ මුට්ටියක්ද යොදාගෙන ඊට ප‍්‍රහාර එල්ල කර තිබේ.
පසුව අහසට වෙඩි ප‍්‍රහාර කීපයක්ද එල්ල කර ඇති බව කියන මැර පිරිස වැගන් ආර් රථයේ නැගී පලාගොස් ඇත.
මෙම ප‍්‍රහාරයෙන් චමුදිත මහතාගේ නිවසේ ඉදිරිපස ජනෙල්වලට දැඩි හානි සිදුවී තිබේ.
ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ චමුදිත මහතා බිරිඳ සහ දියණිය එහි සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නැත.
මෙම ප‍්‍රහාරය එල්ල කරන ආකාරය නිවසේ සවිකර තිබූ සී සී ටී වී කැමරාවල සටහන්වී ඇති අතර ඒ ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් පවසන අන්දමට ප‍්‍රහාරය ස`දහා පැමිණි වැගන් ආර් රථය පිලියන්දල ප‍්‍රදේශයේ සිට පැමිණ ප‍්‍රහාරය එල්ල කිරීමෙන් පසුව කොළඹ දෙසට පලාගොස් තිබේ.
මෙම මැර පිරිස විනාඩි 10 කට ආසන්න කාලයක් චමුදිත මහතාගේ නිවස ඉදිරිපිට සිට ගල් ප‍්‍රහාර සහ අසූචි ප‍්‍රහාර එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
මැර පිරිස නිවසට ඇතුළුවීමට උත්සාහ දරා නැති අතර ප‍්‍රහාරය එල්ලවනවාත් සමඟම චමුදිත මහතා නිවසේ සියලූ විදුලි පහන් දල්වා ඇත. නිවසේ විදුලි පහන් දැල්වීමත් සමඟම කලබලයට පත්වී ඇති මැර පිරිස පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
ප‍්‍රහාරය ස`දහා පැමිණි මැරයන් මුහුණු ආවරණය වන හිස්වැසුම් ජැකට් පැළඳ සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
දේශපාලනඥයන්ගේ මෙන්ම විවිධ ¥ෂිත නිිලධාරීන්ගේ ¥ෂණ වංචා හෙළිදරව් කිරීම නිසා චමුදිත සමරවික‍්‍රම මහතා අවස්ථා කීපයකදීම විවිධ මැරයන්ගේ මරණීය තර්ජනයන්ට ලක්විය. මේ සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතා පොලිසියට පැමිණිලි කර තිබිණි.
චමුදිත මහතාගේ නිවසට ප‍්‍රහාර එල්ල වන අවස්ථාවේ නිවාස සංකීර්ණයේ ආරක්‍ෂාවට සිටි නිලධාරියා මෙම සිද්ධිය පිළිබ`දව ‘දිවයින’ ට මෙසේ කියා සිටියේය.
ඒ වෙලාවේ මම ආරක්‍ෂක කුටියේ සිට ප‍්‍රධාන ගේට්ටුව දිහා බලාගෙන හිටියේ. එකවරම එක් කෙනෙක් පැමිණ ගේට්ටුව ඇරගෙන ඇවිත් මගේ කමිසයේ කොලරයෙන් අල්ලගෙන තල්ලූ කරගෙන ඇතුළේ තිබෙන පුටුවෙන් වාඩි කෙරෙව්වා.
උඹ ඔහොම හිටපන් ජීවිතයට ආසාවක් තියෙනවා නම් කියලා කිව්වා. මාව බය කළා. පෝන් තියනවද කියලා ඇහුවා. ඒ අය මා ගාව සිටියදී තව තුන්දෙනෙක් උඩහට ගියා.
මම වාහනයේ දැක්කා සුදු පාට ලොකු කුඩා වෑන් රථයක්. ඔක්කොම කළුපාට ජැකට් ඇඳලා තමයි හිටියේ. ඒ පිරිස ආවේ පොලිසිය ඇවිත් චමුදිත මහතාගේ නිවසේ තිබෙන පොත් අත්සන් කරලා ගියාට පස්සේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් 5 ක් විමර්ශන පවත්වාගෙන යයි.