ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් පහක් පරීක්ෂණ කටයුතු සඳහා නවතන ලදී . මෙම පාර්සල් බ්‍රිතාන්‍ය , ජර්මනිය හා කැනඩාව යන රටවල් වලින් කොළඹ හා ගම්පහ ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබිණි . පසුව සොයා බැලීමේදී මේවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගන්නා ලදී . විවෘත කරන ලද පාර්සල් තුළ kush නැමැති ගංජා 472 g හා ectasy නැමැති මත් පෙති 302 පෞද්ගලික භාණ්ඩ තුල සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගන්නා ලදී . මෙම සොයා ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන නවයකට ආසන්න බව තහවුරු කරන ලදී. මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය .
උණුසුම් පුවත්
75 වන නිදහස් සමරුම් මුද්දරය එළිදක්වයි… ලිට්රෝ ගෑස් යළි ඉහළට? හෙට සිට සදුදා දක්වා බාර් වැසේ… විදුලි කප්පාදුව පිළිබද සතුටු ආරංචියක්… අපි ගාස්තු වැඩි කරන්නේ නැහැ – ත්‍රිරෝද රථ වෘත්තීය සමිති… බෙංගාල බොක්ක කුණාටුව රටට ඇතුළු වේ… නිදහස් දින දවසේ කොළඔ පාරවල් වැසෙන හැටි… ලබන 17 වැනිදා දක්වා විදුලි කප්පාදුවකට අවසර නෑ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉනධන මිල ඉහළට වසන්ත මුදලිගේ ඇප මත මුදා හරී…
- දේශීය
මධ්‍යම තැපැල් හුවමාරුව තුළන් මත් ද්‍රව්‍ය අඩංගු පාර්සල් හමුවෙයි…

-
NineNews
- 2022-02-15
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරි වලදී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල්
මිතුරන් සමග බෙදාගන්න
තවත් පුවත්
උණුසුම් පුවත්
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02
- 2023-02-02