A Brand of Non Media Shout (Private) Limited

දඹාන ආදිවාසී ජන උරුම සෑය වන්දනා මාන කිරීමට අද සිට අවස්ථාව…

බින්තැන්න පත්තුවේ ආදි වාසීන්ට වන්දනා මාන සිදු කිරීමට දඹාන ආදිවාසී ජන උරුම සෑය විවෘත කිරීම අද (16) සිදුවුණා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගනය

මිතුරන් සමග ‌බෙදාගන්න

බින්තැන්න පත්තුවේ ආදි වාසීන්ට වන්දනා මාන සිදු කිරීමට දඹාන ආදිවාසී ජන උරුම සෑය විවෘත කිරීම අද (16) සිදුවුණා

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මහියංගනය සිට කිලෝ මීටර් 20 ක් දුරින්  බින්තැන්න පත්තුවේ  දඹාන ගුරුකුඹුර ආදිවාසි ජනඋරුම ගම්මානය තුළයි මෙම මහා සෑය ඉදිව තිබෙන්නේ

ආදි වාසී ජනතාව වෙනුවෙන්ම  වැඳුම් පිදුම් කිරීම සඳහා ඉදිවූ මහා සෑය අද(16) නවම් මස පුර පසළොස්වක පොහෝදා සිට කොත් පැළඳවීමෙන් පසු  මහා සෑය නමදින්නට අවස්ථාව උදාවුණා

අපේ රටේ අභිමානවත් ජාතියක් වන්නේ ආදිවාසී ජනතාවයි.

ඌරුවරිගේ වන්නිලැත්තෝ වාර්ෂික දළදා වහන්සේ උදෙසා මීපැණි පූජාව සිදු කිරීම වාර්ෂික චාරිත්‍රයක්

එමෙන්ම වන්නිලැත්තෝ ස්වභාව දහමට ඉතා කැමති, කිසිම මස් මාංශ අනුභව නොකරන ලෝකයේ සිටින එකම නිර්මාංශ ආදිවාසී නායකයා ලෙසයි සලකනු ලබන්නේ .

ආදිවාසී නායක තුමන් තම සුපුරුදු පරිදි වාර්ෂික මීපැණි පූජාව උතුම් දළදා වහන්සේ උදෙසා පවත්වා අනතුරුව නෙල්ලිගල පන්සලට යෑම සිරිතක් වන අතර මෙහිදී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ  නිර්මාතෘ කූරගල රජමහා විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන තරුණ යතිවරයන් වහන්සේ ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ වරිගේ ඇත්තන්ට වඳින්නට මහා සෑයක් ඉදිකර දෙන ලෙසයි.

ඒ අනුව නෙල්ලිගල හාමුදුරුවෝ මූලිකත්වය ගෙන මහා සෑය ඉදිකරන්නට 2020 ජනවාරි මස 25 වන දින වැඩ ආරම්භ කරනු ලැබුවා.

2020 ඔක්තෝම්බර් මස 9 වන දින ගෞතම බුදුන් වහන්සේගේ සසුන තුළ අග්‍ර ප්‍රත්‍යලාභී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් සීවලී මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා තැන්පත් කොට මහා සෑයේ ධාතු නිදන් උත්සවය පැවැත්වුවා

සීවලී මහ රහතන් වහන්සේගේ ධාතු වහන්සේලා තැන්පත් වූ නිසා මෙම සෑය සිරි සීවලී මහා සෑය ලෙස නම් දරනවා බින්තැන්න පත්තුව ආදිවාසී ජන උරුම

විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඉදිවූ මහා සෑය  නිසා පවුල් 349 ක පිරිස ආසන්න වශයෙන් 1745 කට ආසන්න පිරිසක් අද (16) පටන්  නිසැකවම මහා සෑය වන්දනාමාන කරනු ඇති

2022 පෙබරවාරි 16 වන නවම් පුර පසළොස්වක පොහොය දිනයේ ස්වර්ණවාහිනී මාධ්‍ය දායකත්වයෙන්ද යුතුව දඹාන ආදිවාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානය සිරි සීවලී මහා සෑය නමින් සඟ සතු කොට සැදැහැවතුන්ට වන්දනා මාන කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා.

තවත් පුවත්