A Brand of Non Media Shout (Private) Limited

චන්දිමාල්ගෙන් වාර්තාවක්….

නිමාවට පත්වූ ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා තෙවැනි විස්සයි විස්ස තරගයේදී නව වාර්තාවක් පිහිටුවීමට ශී‍්‍ර ලංකාවේ දිනේෂ් චන්දිමාල් ඊයේ (15 වැනිදා) සමත්විය. එ් ජාත්‍යන්තර විස්සයි

මිතුරන් සමග ‌බෙදාගන්න

නිමාවට පත්වූ ශී‍්‍ර ලංකා – ඔස්ටේ‍්‍රලියා තෙවැනි විස්සයි විස්ස තරගයේදී නව වාර්තාවක් පිහිටුවීමට ශී‍්‍ර ලංකාවේ දිනේෂ් චන්දිමාල් ඊයේ (15 වැනිදා) සමත්විය. එ් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළදි කිසිම අවස්ථාවකදී බිංදුවට දැවී නොයමින් ලකුණු 1000 සිමාව පසුකළ ලෝකයේ පළමු කී‍්‍රඩකයා ලෙසිනි.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඊයේ තරගයද ඇතුළුව ජාත්‍යන්තර විස්සයි විස්ස කි‍්‍රකට් තරග 64කට කී‍්‍රඩා කර ඇති දිනේෂ් චන්දිමාල් එහිදී මුලූ ලකුණු 1019ක් රැස් කර තිබේ. ඊට අර්ධ ශතක 6ක් ඇතුළත් වෙද්දී ලකුණු 66 ඔහුගේ විස්සයි විස්ස පිටියේ වැඩිම ලකුණු ගණන ලෙස සටහන් වේ.

කෙසේ වෙතත් මෙම ඉනිම් 64 තුළදී ලකුණු දහස සම්පූර්ණ කිරීමේදී බිංදුවට දැවී

නොගිය දිනේෂ් චන්දිමාල් එම දස්කම කළ ලොව පළමු වැනි පිතිකරුවා ලෙස ඊයේ ඉතිහාසයට එක්විය.

තවත් පුවත්