A Brand of Non Media Shout (Private) Limited

මිරිස්ස ධීවර වරායෙන් පිටත් වූ බහුදින යාත්‍රාවක ගැටුමක්…

මිරිස්ස ධීවර වරායෙන් රැකියාව සඳහා පිටත් වූ බහුදින යාත්‍රාවක සිටි පුද්ගලයින් පිරිසක් අතර, ගැටුමක් හටගෙන තිබෙනවා. මහ සයුරේදී ඇති වූ මේ ගැටුමට සම්බන්ධ එක්

මිතුරන් සමග ‌බෙදාගන්න

මිරිස්ස ධීවර වරායෙන් රැකියාව සඳහා පිටත් වූ බහුදින යාත්‍රාවක සිටි පුද්ගලයින් පිරිසක් අතර, ගැටුමක් හටගෙන තිබෙනවා.

මහ සයුරේදී ඇති වූ මේ ගැටුමට සම්බන්ධ එක් පුද්ගලයෙකු තවත් යාත්‍රාවකින් පලා ගොස් ඇති අතර, පහර කෑමට ලක්වූ ධීවරයින් සිව් දෙනෙකු අද උදෑසන දැඩි පරිශ්‍රමයක් දරා ගාල්ල ධීවර වරාය වෙත පැමිණ තිබුණා.

පසුගිය 09 වැනිදා කැන්ගරු නම් බහුදින යාත්‍රාව මිරිස්ස ධීවර වරායෙන් රැකියාව සඳහා පිටත්ව ගොස් තිබුණේ ගාල්ල තල්පේ ප්‍රදේශයේ ධීවරයින් පස් දෙනෙකු ද සමඟින්.

කෙසේවෙතත් එම බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් අතර,ගැටුමක් හටගෙන ඇති අතර, එක් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයින් සිව් දෙනාට දැඩි ලෙස පහරදී යාත්‍රාවේ තිබූ සන්නිවේදන උපකරණ පද්ධතියට ද හානි කර වෙනත් යාත්‍රාවකින් පලා ගොස් ඇති බවයි මේ වන විට ආනරවණය වී ඇත්තේ.

මෙලෙස පහර කෑමට ලක් වූ ධීවරයින් හට දින හයක් තිස්සේ ගොඩබිමට කිසිදු පණිවුඩයක් ලබාදිමට නොහැකි වී ඇත්තේ ද යාත්‍රාවේ තිබූ සන්නිවේදන උපකරණවලට හානි සිදුවීම හේතුවෙන්.

නමුත් ඔවුන් සිය යාත්‍රාවද සමඟ අද උදෑසන ගාල්ල ධීවර වරයාට මෙලෙස පැමිණ තිබුණා.

අනතුරුව දැඩි ලෙස පහරකෑමට ලක්ව සිටි එම ධීවරයින් සුවසැරිය ගිලන් රථයක ආධාරයෙන් රෝහල් ගත කිරීමටයි කටයුතු කෙරුණේ.

මේ ගැටුමට සම්බන්ධ සැකකරු පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තවත් පුවත්