A Brand of Non Media Shout (Private) Limited

ළිඳකට වැටී 13ක් මරුට (Photos)

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර්වල මංගල උත්සවයක් අතරතුර ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට පොලීසිය

මිතුරන් සමග ‌බෙදාගන්න

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර්වල මංගල උත්සවයක් අතරතුර ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට පොලීසිය සඳහන් කර තිබෙන්නේ ළිඳ ආවරණය කරන ලද ලෝහ ලෑල්ලක් මත වාඩි වී සිටින විට සියලුම කාන්තාවන් සහ ළමයින් ලෝහ ලෑල්ලත් සමගින් ළිඳට වැටි තිබෙන බවයි.

කුෂිනගර් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව සඳහන්

ළිඳ වසා තිබූ ලෝහ ලෑල්ල කැඩී ගිය විට පැමිණ සිටි අනෙක් අමුත්තන් විපතට පත් වූවන් බේරා ගැනීමට දිව ගොස් ඔවුන් අසල පිහිටි රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.

පුද්ගලයන් 11 දෙනෙකු ඒ වේලාවේදීම මිය ගිය බවත් තවත් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී පසුව මිය ගිය බවත්  එරට පොලිසිය පවසනවා.

 

තවත් පුවත්