A Brand of Non Media Shout (Private) Limited

බ‍්‍රසීලයේ ගංවතුර සහ නාය යෑමෙන් 97 ක් ජීවිතක්ෂයට (Video)

බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප‍්‍රාන්තයේ කඳුකර ප‍්‍රදේශයක් හරහා ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 97 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව

මිතුරන් සමග ‌බෙදාගන්න

බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ ප‍්‍රාන්තයේ කඳුකර ප‍්‍රදේශයක් හරහා ඇති වූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 97 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා කරනවා.

පැය තුනක කාලයක් පුරා ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් පසු පෙට්‍රොපොලිස් නගරයේ ව්‍යසනය සිදු වූ අතර රියෝ ද ජැනයිරෝ ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ත්‍රෝ පැවසුවේ ගවේෂකයන් සුන්බුන් සොයා ගන්නා විට මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

පුද්ගලයන් 400 කට ආසන්න සංඛ්‍යාවක් නිවාස අහිමි වී ඇති බවද ඔහු සඳහන් කරනවා.

තවත් පුවත්