A Brand of Non Media Shout (Private) Limited

ළදරු බෝතල්වල සහ ආහාර බඳුන්වල පිළිකා කාරක රසායනිකයක් ?

ළදරුවන්ට කිරි සහ අමතර ආහාර ලබා දෙන බෝතල්වල හා ආහාර බඳුන්වල (Feeding cups) බිස්ෆීනෝල් නමැති පිළිකා කාරක රසායනිකය අඩංගු වෙන බවට අන්තර්ජාතික දූෂක තුරන්

මිතුරන් සමග ‌බෙදාගන්න

ළදරුවන්ට කිරි සහ අමතර ආහාර ලබා දෙන බෝතල්වල හා ආහාර බඳුන්වල (Feeding cups) බිස්ෆීනෝල් නමැති පිළිකා කාරක රසායනිකය අඩංගු වෙන බවට අන්තර්ජාතික දූෂක තුරන් කිරීමේ ජාලය (International Polutants Elimination Network) සිදු කළ පර්යේෂණ අධ්‍යනයකදී තහවුරු වී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කරනවා.එම පර්යේෂණ අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, චීනය, භූතානය, මැලේසියාව, ඉන්දුනීසියාව, රුසියාව සහ ටැන්සානියාව යන රටවලින් නියැදි ලෙස ළදරු කිරි බෝතල් හා ආහාර බඳුන් යොදා ගෙන තිබෙන බව සඳහන් යුරෝපා සංගමයේ සාමාජික රටවල්, මැලේසියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි රටවල ළදරු ආහාර භාණ්ඩ සඳහා එම රසායනිකය සීමා කර ඇති නමුත් පරීක්ෂාවට ලක් කරන ලද භාණ්ඩ අතරින් සියයට 78ක්ම ඉහත කී රසායනිකය අඩංගු වූ බවටයි  තහවුරු වී තිබෙන්නේ.

එමෙන්ම මෙම පරීක්ෂණය සඳහා ලංකාවේ දායකත්වය ලබා දුන් පරිසර යුක්ති කේන්ද්‍රය නිවේදනය කරන්නේ අදාළ පරීක්ෂාවට යොදාගත් බඳුන් 98කින් 76කම බිස්ෆීනෝල් නමැති රසායනිකය අඩංගු බවට තහවුරු වී ඇති බවයි.

බිස්ෆීනෝල් ඒ (Bisphenol A) යනු ප්‍රජනක පද්ධතියේ අක්‍රමිකතා, පිළිකා, කාන්තා / පිරිමි ලිංගික දුබලතා සහ දියවැඩියාව වැනි සෞඛ්‍යම ගැටලූ ඇති කරවන රසායනිකයක් බව පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙනවා.

බොහෝ රටවල මෙය අන්තරායකර රසායනිකයක් ලෙස නීත්‍යනුකූලව පිළිගෙන ඇති අතර හෝර්මෝන ක්‍රියාවලියට බාධා ඇති කරවන රසායනිකයක් ලෙස යුරෝපා සංගමයේ රටවල් හඳුනා ගෙන තිබෙනවා.

තවත් පුවත්