ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය හෙට (18) පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි
නිමා වූ තෙවන විස්සයි විස්ස තරගයේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන හෙට තරගය අහිමිව යනවා.
උදරය ආශ්‍රිත මස්පිඩු ඉරීමක් හේතුවෙන් නුවන් තුෂාරට තුන්වන තරගය අතර මැද පිටියෙන් ඉවත්වීමට සිදුවුණා.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ වනිදු හසරංගට ද හෙට තරගයට එක්වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.