රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

පවතින බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගතයේදී මෙරට රෝහල් පද්ධතිය සහ බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

වෘත්තීකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් ඊයේ (28) පැවැත්වුණි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ එම අදහස් පළ කළේය.

මේ අතර රාජ්‍ය බැංකු විකිණීමට සහ අසාධාරණ බදු අය කිරීම්වලට එරෙහිව ලංකා බැංකු සේවා සංගමය අද (29) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එසේම, නව ධීවර පනත මගින් ධීවරයින්ට මුහුදත් අහිමි කරන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව කියා සිටියේ කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණි.

තවත් පුවත්