A Brand of Non Media Shout (Private) Limited

ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමෙන් විනාඩි දහයකදී ලක්ෂ 10ක පාඩුවක් සිදුවූ හැටි..

ශ්‍රී ලංකන් එයාර් ගුවන් නියමුවන් සති දෙකක සිට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා ඊයේ (17දා) පෙරවරුවේ විනාඩි දහයක් තුළ

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකන් එයාර් ගුවන් නියමුවන් සති දෙකක සිට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා ඊයේ (17දා) පෙරවරුවේ විනාඩි දහයක් තුළ රුපියල් ලක්‍ෂ දහයක පාඩුවක් සිදුවූ බව ගුවන් සමාගම කියා සිටිනවා. පාකිස්තානයේ කරච්චි බලා ඊයේ (17 දා) පෙරවරු 9.00ට ගුවන්ගත කෙරුණු UL  -183 දරන ගුවන් යානයෙන් එරටට යැවීමට නියමිතව තිබූ බුලත්කොළ කිලෝ ග්‍රෑම් 3025ක් අඩංගු පැලට් එක රැගෙන යෑම ප්‍රතික්‍ෂේප කිරීම නිසා මෙම පාඩුව සිදුව තිබෙන බවයි පැවසෙන්නේ .

ශ්‍රී ලංකන් ගුවන් නියමු සංගමයේ සාමාජිකයන් එකසිය අසූවක් පමණ සිටින අතර ඔවුන්ට ලබාදෙන ආහාර දීමනා සම්බන්ධව මතුවී තිබෙන ගැටළුවක් මුල්කරගෙන ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට යොමුව තිබෙනවා.

ඕනෑම ගුවන් යානයක් විනාඩි පහක් දහයක් ප්‍රමාද කිරීමට හැකියාව තිබුණත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා විනාඩියක් හෝ පමානොකර යානා ගුවන්ගත කිරීම හේතුවෙන් මෙම බුලත් තොගය රැගෙන ගොස් නැති බව ගුවන් සමාගම් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිනපතා පළවන පුවත්පතකට පවසා තිබෙන්නේ

බුලත් පැලට් එහෙට මෙහෙට ගෙන යෑමේදී ඒවා ලිහිල්වන බවත් එවන් මොහොතක ගුවන් සමාගමේ සේවකයන් විනාඩි පහක් ඇතුළත අතින් ඒවා සකසා ගුවන් යානයට දැමීම කලක සිට කරගෙන ගිය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඉකුත් සති දෙකක කාලයේදී සමාගමට විශාල පාඩුවක් සිදුව තිබෙන අතර ඒ පිළිබඳ ගණනය කිරීම් සිදුවන බවත් එම නිලධාරියා එම පුවත්පතට පවසා තිබෙනවා.

තවත් පුවත්