A Brand of Non Media Shout (Private) Limited

ඔස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස අද තරගයේදී පිටියට පිවිසි ඈෂ්ටන් ඒගාර් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවෙකි.ඈෂ්ටන් ඒගාර්ගේ පියා වන ජෝන් ඒගාර් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන

මිතුරන් සමග ‌බෙදාගන්න

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස අද තරගයේදී පිටියට පිවිසි ඈෂ්ටන් ඒගාර් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවෙකි.ඈෂ්ටන් ඒගාර්ගේ පියා වන ජෝන් ඒගාර් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර සෝනියා හේවාවිස්ස වන මව ශ්‍රී ලාංකාවේ උපත ලැබූ කාන්තාවකි. සෝනියා හේවාවිස්ස පවසන පරිදි, 1974 වසරේදී ඇය ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවේ පදිංචියට පැමිණ තිබේ.ඔස්ට්‍රේලියානුවෙකු වුව ද ඈෂ්ටන් ඒගාර් සිය ශ්‍රී ලාංකීය සම්භවය පිළිබඳව ආඩම්බර වන බව ඔහුගේ මව මීට පෙර විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබිණි.

තමන් ශ්‍රී ලංකාවෙන් පිට වී බොහෝ කලක් වන නමුත් සිය පවුලේ සාමාජිකයන් සියලු දෙනා ම තවමත් ශ්‍රී ලාංකීය චාරිත්‍ර වාරිත්‍ර පිළිපදින බව සෝනියා ඒගාර් පවසයි.1993 වසරේ ඔක්තෝබර් 14 වන දා ඔස්ට්‍රේලියාවේ මෙල්බෝන්හිදී උපත ලද ඈෂ්ටන් ඒගාර් බටහිර ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසියේ ය.පසුව ඔහු ඔස්ට්‍රේලියානු 19 න් පහළ ජාතික කණ්ඩායමට ත් පර්ත් ස්කෝෂර්ස් කණ්ඩායමට ත් ක්‍රීඩා කළේය.ඔහුට පළමු වරට ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ, 2013 වසරේදී ය.

2015 වසරේදී එක්දින වරම් ලැබූ ඔහු පන්දු වාර 20 කණ්ඩායමට ඇතුළත් වූයේ, 2016 වසරේදීය.ඔහු 2013 වසරේදී සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ම 11 වන පිතිකරු වශයෙන් පිටියට පිවිස ශතකයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය‍.

තවත් පුවත්