A Brand of Non Media Shout (Private) Limited

විතාරන්දෙණියේ පොලිස් කොස්තාපල් ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි…

තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා. ඊයේ (18)

මිතුරන් සමග ‌බෙදාගන්න

තංගල්ල – විතාරන්දෙණිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඊයේ (18) රාත්‍රියේ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු තිදෙනා වයස අවුරුදු 17 – 24 යන වයස් සීමාවල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

ඔවුන් අද (19) දිනයේ දී තංගල්ල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි.

මියගිය පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ ඉඩමට යාබද නිවසක පදිංචි කාන්තාවක් සහ ඒ ආසන්නයේ තවත් ඉඩමක හෝටලයක් ඉදිකරන පුද්ගලයෙකු සමඟ කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි අනාවරණය වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර වාර්තාවක් පොලිසිය විසින් ඊයේ (18) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කළා.

තවත් පුවත්