A Brand of Non Media Shout (Private) Limited

ඉන්දියාව සිංගප්පූරු අගමැතිවරයාට විරෝධය දක්වයි…

සිංගප්පූරු අගමැතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව නිල වශයෙන් සිය දැඩි විරෝධය පළකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිංගප්පූරු අගමැති ලී හයිසෙන් ලුන්ග් පසුගියදා

මිතුරන් සමග ‌බෙදාගන්න

සිංගප්පූරු අගමැතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව නිල වශයෙන් සිය දැඩි විරෝධය පළකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සිංගප්පූරු අගමැති ලී හයිසෙන් ලුන්ග් පසුගියදා එරට පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුරදී ප්‍රකාශ කර තිබුණේ, වර්තමානයේ දී බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ඒවායේ සමාරම්භකයන්ගේ අරමුණුවලින් එපිටට යමින් ඇති බවයි.

ජවහල්ලාල් නේරුගේ දායකත්වයෙන් බිහිවූ ඉන්දියාවේ වත්මන් පාර්ලිමේන්තුව තුළ සිටින මහ‍ජන නියෝජිතයන්ට මිනීමැරුම්,ස්ත්‍රී දූෂණ, ඇතුළු විවිධ අපරාධ චෝදනා පවතින බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

සිංගප්පූරු අගමැතිවරයා වැඩිදුරටත් පවසා තිබුණේ, මෙවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු අතරම සිංගප්පූරු ව ඒ සම්බන්ධයෙන් සැළකිළිමත් විය යුතු බවත්ය.

තම රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සිංගප්පූරැ අගමැතිවරයා කර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි කණස්සල්ලට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ අනුව සිංගප්පූරුවේ සිටින ඉන්දියානු මහකොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් සිංගප්පූරු විදේශ අමාත්‍යංශය වෙත සිය විරෝධය පළකර ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.

තවත් පුවත්