A Brand of Non Media Shout (Private) Limited

ඉන්දීය ප්‍රබලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාව සමඟ 20-20 තරගාවලියේ දී විවේක ගන්වයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මේ මස 24 වනදා ලක්නව් හිදී ආරම්භවන විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලි සහ කඩුලු රකින ක්‍රීඩක රිශාබ්

මිතුරන් සමග ‌බෙදාගන්න

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මේ මස 24 වනදා ලක්නව් හිදී ආරම්භවන විස්සයි විස්ස තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලි සහ කඩුලු රකින ක්‍රීඩක රිශාබ් පාන්ට් විවේක ගන්වා ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව ඔවුන් දෙදෙනා කොදෙව්වන් සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී ද විවේක ගන්වා ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ඒ, අනුව කෝලි හා රිෂාබ් ඉන්දීය කණ්ඩායම ‍දැනට රැදිසිටින ජෛව ආරක්ෂක බුබුළෙන් ඉවත් යෑමට නියමිත අතර දින 10ක විවේකයකින් පසු යළි ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ ජෛව ආරක්ෂක බුබුළට එක්වීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පසු ඇරඹෙන ටෙස්ට් තරගාවලිය සදහායි.

විරාට් කෝලි සහ රිශාබ් පාන්ට්ට අමතරව රවිචන්ද්‍රන් අශ්වින්, මයාන්ක් අග්‍රාවල් සහ හනුමා විහාරි ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ජෛව ආරක්ෂක බුබුළට එක්වීමට සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

තවත් පුවත්