මෙම වසර තුළ රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි – ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

ඉකුත් වසර තුළ සිදුවූ රිය අනතුරුවලට සාපේක‍ෂව මේ වසරේ අනතුරු සංඛ්‍යාව ඉහළ යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉකුත් වසර තුළ සිදුවූ රිය අනතුරුවලට සාපේක‍ෂව මේ වසරේ අනතුරු සංඛ්‍යාව ඉහළ යන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසනවා.

රිය අනතුරු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මෙම මාර්ග ත්‍රස්තවාදය හේතුවෙන් පසුගිය වසරේ රිය අනතුරු 22,000ක් සිදුව තිබෙන බවයි.

කෙසේ වෙතත් මෙම වසර තුළ රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නීතිඥ අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

වසර 10ක් තුළ රිය අනතුරු හේතුවෙන් මියයන පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියන 36,500ක පමණ මුදලක් රජයට වැයකිරීමට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ අනුව රිය අනතුරු අවම කිරීමට රථවාහන පොලීසිය විසින් ඉදිරි මාස කිහිපය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

තවත් පුවත්