ප්රදේශ ගණනාවක සංවිධානාත්මකව විවිධ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිමට සමත් වුනා.
එම සැකකරුවන් විසින් ගොතටුව, මහරගම, කඩුවෙල, කහතුඩු යන පොලිස් බල ප්රදේශවල විවිධ අපරාධ රැසක් කර ඇති බවයි අනාවරණයවී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වයස අවු: 21 ත් 43 අතර වයස්වල පසුවෙන බවත් ඔවුන් මත්තේගොඩ ප්රදේශයේ පදිංචිකරෞවන් වේ.
මෙවුන් විසින් සොරකම් කරන ලද යතුරුපැදි 4ක්, ත්රීරෝද රථයක්, ජංගම දුරකථන සහ අපරාධ සිදුකරන්න මහජනතාව බියගැන්වීමට භාවිතාකළ වායි රයිෆලයක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් මෙවුන් සතුව තිබියදි පොලිස්සිය සොයාගෙන තිබෙනවා මේම සැකකරුවන්, පුද්ගලයන් පැහැරගැනීම් සහ ඔහුන්ගෙන් කප්පම් ලබා ගැනීමට උත්සාහ කිරිම,රන් මලා කොල්ලකෑම් රැසක් සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.
හලාවත පොලිස් කොට්ඨාසයේ කොස්වත්ත පොලිස් වසමේ දී ස්වාමීන් වහන්සේ නමකට තියුණු ආයුධ වලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමට අදාළ සැකකරුවෙකුද මේ අතර සිටී.
සැකකරුවන් ඊයේ (19) කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරුවන් තිදෙනකු මාර්තු මස 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර එක් සැකකරුවෙකු රුපියල් ලක්ශ 10ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.