සෝමාලියාවේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මධ්‍යම සෝමාලියාවේ අවන්හලක් තුලයි මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකර ඇත්තේ.
බෝම්බ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එම අවහන්හල තුළ රජයේ නිලධාරීන් හා දේශපාලනඥයින් රැඳී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද සඳහන්.
මියගිය එක් පුද්ගලයෙකු සෝමාලියාවේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත්ව සිටිනවා. ප්‍රහාරයේ වගකීම අල් සබාබ් ත්‍රස්ත ණ්ඩායම භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.