A Brand of Non Media Shout (Private) Limited

සංකූලතා අවම කර ගැනීම සහ මරණය වළක්වා ගැනීමට බූස්ටර් මාත්‍රාව අත්‍යාවශ්‍යයි – සෞඛ්‍ය අංශ..

කොවිඩ් 19 ආසාදනය වන පුද්ගලයින්ට ඇති වන සංකූලතා අවම කර ගැනීම සහ මරණය වළක්වා ගැනීම සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් 19 ආසාදනය වන පුද්ගලයින්ට ඇති වන සංකූලතා අවම කර ගැනීම සහ මරණය වළක්වා ගැනීම සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස් ගත ප්‍රතිකාර සේවයේ වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවැසුවේ ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍ර ලෙස රටපුරා පැතිරීම ඊට හේතුව බවයි.

මෙම රෝගී තත්ත්වය නොසලකා හැරීම වඩා අවධානම් බවයි වෛද්‍යවරිය අවධාරණය කරන්නේ.

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත කොවිඩ් 19 ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට රට පුරා පැතිර යන අතර රෝග තත්ත්වය පිළිබඳ බොහෝ දෙනා එතරම් සැළකිල්ලක් නොදක්වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ප්‍රභේදය එකම පවුලේ සාමාජිකයින් අතර ඉතා සීඝ්‍රව පැතිර ඇති බව නිරීක‍ෂණය වී ඇති බවයි.

කොවිඩ් 19 මර්දනය සඳහා මෙරට තුළ එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර මේ වන විට තුන් වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදීම සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ කොවිඩ් 19 රෝගය අවධානම් බව මගහරවා ගැනීමට බූස්ටර් එන්නත් මාත්‍රාව අනිවාර්යෙන් ලබා ගත යුතු බවයි.

තවත් පුවත්