පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ රොහා නැමැත්තාගේ මස්සිනා රත්මලාන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මොරටුව – කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි අසංක සිල්වා නැමති ඔහු ඊයේ (20) රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ, රත්මලාන – රස්ටම්වත්ත ප්‍රදේශයේදි බවයි පැවසෙන්නේ
ජංගම දුරකථනයක් රුපියල් 2,000 ක මුදලකට රස්ටම් වත්ත ප්‍රදේශයේ පුද්ගලයකුට උකස් කර තිබීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව එම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
ඝාතනය සිදුකළ පුද්ගලයාද ත්‍රිරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු රත්මලාන කුඩු අංජු නැමැත්තාගේ ඥාතියෙකුද වන බවද පොලිසිය පවසනවා .
මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.