A Brand of Non Media Shout (Private) Limited

හොර පී.සී.ආර් සහතික හදපු රජ හොරු කොටුවෙයි…

විදෙස්ගත වන පුද්ගලයින් සඳහා ව්‍යාජ පී.සී.ආර් වාර්තා සකස් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුවට ලද

මිතුරන් සමග ‌බෙදාගන්න

විදෙස්ගත වන පුද්ගලයින් සඳහා ව්‍යාජ පී.සී.ආර් වාර්තා සකස් කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත එහි පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

සැකකරුවන් විසින් සකස් කරන ලද පී.සී.ආර් වාර්තා රුපියල් 6,000 ත් 6,500 ත් අතර මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.‍

මොවුන් මිනුවන්ගොඩ, වැල්ලම්පිටිය සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

ඉන් එක් අයෙකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (23) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය.

තවත් පුවත්