A Brand of Non Media Shout (Private) Limited

භානුක ශ්‍රී ලංකා සංචිතයෙන් එළියට විසි වූ හේතුව තේරීම් කමිටු සභාපති පහදයි…

ඉන්දීය කණ්ඩායම සමඟ එළඹෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් නම්කර අවසන්. කෙසේ වෙතත් එම සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරු භානුක

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉන්දීය කණ්ඩායම සමඟ එළඹෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් නම්කර අවසන්.

කෙසේ වෙතත් එම සංචිතයට ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ නම්කර නො තිබීම සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකු අතර කතාබහක් මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේ භානුකගේ ශාරීරික යෝග්‍යතා මට්ටම සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් ඔහු අසමත්වීම මීට හේතු වූ බවයි.

භානුකගේ සමේ මේද තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයෙන් ඔහු මෙලෙස අසමත් වී ඇති බවයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ තේරීම් කමිටු සභාපතිවරයා පැවසුවේ.

භානුක සම්බන්ධයෙන් සිදුකළ එම පරීක්ෂණයේ පළමු ප්‍රතිඵලයේ සමේ මේද තත්ත්වය 96ක අගයක් දැක්වූණු අතර ඒ අනුවයි ඔහු ජෛව ආරක්‍ෂිත බුබුළට ඇතුළත් කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත් ජෛව ආරක්‍ෂිත බුබුළේ සිටිය දී භානුකට පෙරේදා දින සිදුකළ එම පරීක්ෂණයේ දී ඔහුගේ සමේ මේද තත්ත්වය 102ක් දක්වා වැඩිව තිබූ බවයි තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කළේ.

සංචිතයක් සඳහා ක්‍රීඩකයෙකු තෝරා ගැනීමේ දී එම ක්‍රීඩකයාගේ සමේ මේද තත්ත්වය 70-85 අතර අගයක පැවතිය යුතු බවට සඳහන් කළ තේරීම් කමිටු සභාපතිවරයා, භානුක එම මට්ටමට ලඟා වී නොසිටීම ඉන්දීය, තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඔහු ඇතුළත් නොවීමට ප්‍රධාන හේතුව වූ බව පැවසුවා.

තවත් පුවත්