රුසියාව යුක්‍රේනයට හමුදා යැවීමට ගත් තීරණයෙන් පසු රුසියාවට අහිමි වූ ගෑස් නල මාර්ගය…

යුක්‍රේනයට හමුදා යැවීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කළ නියෝගයෙන් පසුව ජර්මනිය විසින් රුසියාවේ ප්‍රධාන ගෑස් නල මාර්ගයක් නතර කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන්

මිතුරන් සමග ‌බෙදාගන්න

යුක්‍රේනයට හමුදා යැවීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කළ නියෝගයෙන් පසුව ජර්මනිය විසින් රුසියාවේ ප්‍රධාන ගෑස් නල මාර්ගයක් නතර කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

රුසියානු ජනාධිපතිවරයා වෙන් වූ යුක්‍රේන කලාප දෙකක් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගෙන ඒ දෙකටම රුසියානු හමුදා යෙදවීමට නියෝග කරනු ලැබුවේ පසුගිය සඳුදා (21) දිනයේයි

බටහිර රටවල ජාතීන් බොහෝ දුරට මෙම ක්‍රියාව දකින්නේ පුළුල් ආක්‍රමණයක් සඳහා කෙරෙන සූදානමක් ලෙසයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ජර්මනිය Nord Stream 2 නල මාර්ගය අනුමත කිරීම නතර කළ අතර අනෙකුත් බටහිර රටවල නායකයින්ද සම්බාධක නිකුත් කරනු ලැබුවා.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, පෝලන්තය සහ යුක්‍රේනය වැනි රටවල විරුද්ධත්වය නොතකා Nord Stream 2 නල මාර්ගයට ජර්මනිය සහාය ලබා දීමට මිට පෙර තීරණය කර තිබුණා

එහෙත් කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින යුක්‍රේන ප්‍රදේශ වන ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් වෙත හමුදා යැවීමට පුටින් මහතාගේ නියෝගයෙන් පසුව ජර්මනිය නිවේදනය කළේ තමන් සහ රුසියාව අතර නල මාර්ගයට මෙහෙයුම් බලපත්‍රයක් ලබා දීමේ ක්‍රියාවලිය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන බවයි

රුසියාවේ නැගෙනහිරින් ඇති විශාල සැපයුම් වලින් ලබා ගන්නා ගෑස් වලින් 40% ක් පමණ රුසියාව යුරෝපයට සපයන බැවින් මෙම පියවර කැපී පෙනෙන බවයි පැවසෙන්නේ

තවත් පුවත්