A Brand of Non Media Shout (Private) Limited

පකිස්තාන් පන්දු යවන්නාගේ කනේ පහර – පකිස්තාන ක්‍රිකට් කාණ්ඩයමට අපකීර්තියක් (Video)

ක්‍රිකට් තරගයකදී පන්දුරකින්නෙක්ට උඩ පන්දුවක් ගිලිහී යෑම සාමාන්‍ය දෙයකි. නමුත් සමහර පන්දු යවන්නෝ එවැනි සිදුවීම් වර්තමානයේ සුළුවෙන් නොතකති. මේ ඊට හොඳම උදාහරණයකි. පාකිස්තාන සුපර්

මිතුරන් සමග ‌බෙදාගන්න

ක්‍රිකට් තරගයකදී පන්දුරකින්නෙක්ට උඩ පන්දුවක් ගිලිහී යෑම සාමාන්‍ය දෙයකි. නමුත් සමහර පන්දු යවන්නෝ එවැනි සිදුවීම් වර්තමානයේ සුළුවෙන් නොතකති. මේ ඊට හොඳම උදාහරණයකි.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ සඳුදා ලාහෝර් ක්වැලැන්ඩර්ස් සහ පෙෂාවර් ශල්මි අතර තරගය පැවැත්වුණි. එහිදී වේග පන්දුයවන හැරිස් රවුෆ් පන්දුයවමින් සිටින අතරතුරදී හස්රතුල්ලා සාසයි ලබාදුන් උඩපන්දුවක් කම්රාන් ගුලාම් අතින් ගිලිහුණි. නමුත් එම ඕවරයේම පන්දු 3කින් අතතුරුව මොහොමඩ් හැරිස් ගේ කඩුල්ල ලබාගැනීමට රවුෆ් සමත් විය. එහිදී පන්දුරකින්නන් රවුෆ් ට සුබ පැතීම සඳහා ඔහු වටා එක්වූ විට රවුෆ්, ගුලාම් ගේ කම්බුලට පහරක් ගැසීය.

එම සිදුවීම මේ වනවිට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙයි.

 

තවත් පුවත්