A Brand of Non Media Shout (Private) Limited

තීරු බදු නොගෙවූ දුම්වැටි ළඟ තබා ගත් අයෙක් STF අත්අඩංගුවට..

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ

මිතුරන් සමග ‌බෙදාගන්න

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව බස්නාහිර උතුර භාරව කටයුතු කරන ජේෂ්ඨ පොලිස් අධිකාරි සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(22) දින කදාන පොලිස් වසමේ අංක 302, උතුරු බටගම, ජා-ඇල ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහිදී නීති විරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 05 කට අධික වටිනාකමින් යුතු දුම්වැටි 6,000 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කදාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

තවත් පුවත්