ප්‍රංශයේ මුදල් අමාත්‍ය Bruno Le Maire සිකුරාදා ප්‍රකාශ කළේ යුරෝපා සංගමයට (EU) රුසියාව සහ ගෝලීය මූල්‍ය පද්ධතිය අතර සියලු සම්බන්ධතා කපා හැරීමට අවශ්‍ය බවයි. යුරෝපීය මුදල් ඇමතිවරුන්ගේ රැස්වීමකදී ඔහු මේ බව කියා සිටියේය.
“අපට අවශ්‍ය වන්නේ රුසියාව මූල්‍යමය වශයෙන් හුදකලා කිරීමටයි…” ඔහු වැඩිදුරටත් පැවසීය.
සම්බාධක ගැන සාකච්ඡා කරන අතරතුර, Le Maire පැවසුවේ මොස්කව් ප්‍රංශයට “ද්විතියික වැදගත්කමක් ඇති ආර්ථික හවුල්කරුවෙකු” බවයි.
කෙසේ වෙතත්, ගැටුම හේතුවෙන් පැරිසිිිය බලශක්ති මිල ඉහළ යාමෙන් තම වැසියන් ආරක්ෂා කරනු ඇති බවත්, යුරෝපය සිය ස්වාභාවික ගෑස් සැපයුම්වලින් වැඩි ප්‍රමාණයක් රුසියාවෙන් මිලදී ගන්නා නිසා එය ප්‍රධාන අවධානයට ලක්වන බවත් ඔහු පැවසීය.
මේ අතර, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කළේ පළමු දිනයේම යුක්රේනියානුවන් 130 දෙනෙකුට මරු කැඳවූ ක්‍රෙම්ලිනයේ මහා පරිමාණ ආක්‍රමණයෙන් පසු රුසියාවට එරෙහිව සටන් කිරීමට තම රට තනිවම ඉතිරි වූ බවයි.
රුසියානු ප්‍රහාරයේ පළමු දිනය අවසානයේ ජාතිය අමතා කළ වීඩියෝ දේශනයකදී සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ අපගේ රාජ්‍යය ආරක්ෂා කිරීමට අපව තනි වී ඇති බවයි.
“කවුද අපිත් එක්ක සටන් කරන්න ලෑස්ති වෙන්නේ? මට කවුරුවත් පේන්නේ නැහැ. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය ගැන සහතිකයක් දෙන්න සූදානම් කවුද? හැමෝම බයයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
“කණගාටුදායක ලෙස අද අපට අපේ පුරවැසියන් වූ විරුවන් 137ක් අහිමි විය. ඔවුන්ගෙන් දස දෙනෙක් නිලධාරීන් වූහ. 316 දෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන් සියල්ලන්ටම මරණින් පසු යුක්රේනයේ වීරයා යන නාමය පිරිනමනු ලැබේ. යුක්රේනය වෙනුවෙන් දිවි දුන් අය සදාකාලිකව සිහිවේවා”
සෙලෙන්ස්කිට අනුව, බ්‍රහස්පතින්දා උදෑසන ආරම්භ වූ ප්‍රහාරයෙන් යුක්රේනියානුවන් 137ක්, මිලිටරි සහ සිවිල් යන දෙඅංශයෙන්ම මිය ගොස් ඇති අතර තවත් 316 දෙනෙකු තුවාල ලබා ඇත.