විවිධ මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයක් 35 දෙනෙකු සැකපිට අත්අඩංගුවට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ ගංජා , මත්පෙති , නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටිද තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එම සැකකරුවන් ගාල්ල , මාතර , කොළඹ ,කුරුණැගල, අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචි අවු 20-35 වයස් කාණ්ඩ වල පසුවන අය වනවා.
ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් ඇප මත මුදා හැර ඇති බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා ප්‍රකාශ කළා.
ශ්‍රි පාද වන්දනාවාරය ආරම්භ වි මාස තුනක් වැනි කාලයක් තුල විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 200 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දඩ මුදල් අයකරගෙන ඇති බවද එම වැටලීම් සිදු කල නිලධාරින් ප්‍රකාශ කළා.