ඉන්ධන හිඟය උග්‍ර අතට – පිරවුම්හල් අසළ දිගු පෝලිම්….

ඉන්ධන හිඟය මේ වනවිට බරපතල ගැටලුවක් වී තිබෙනවා. කෙසේ වෙතත් රටේ පවතින ඉන්ධන අර්බුදයට ලෙස අදත් ඩීසල් නෞකාවක් මෙරෙටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේද

මිතුරන් සමග ‌බෙදාගන්න

ඉන්ධන හිඟය මේ වනවිට බරපතල ගැටලුවක් වී තිබෙනවා.

කෙසේ වෙතත් රටේ පවතින ඉන්ධන අර්බුදයට ලෙස අදත් ඩීසල් නෞකාවක් මෙරෙටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඊයේ දිනයේද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණියා.

කෙසේ වෙතත් ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය සඳහා කරන්නේ විදුලි ජනනය සඳහා විදුලිබලාගාර වෙත වැඩි වශයෙන් ඉන්ධන ලබා දීමත් සමඟ ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීමේ ප්‍රමාණය අඩාලව පවතින බවයි.

ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන කඩිනමින් අවසන් වන අතර තවත් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් නිර්මානය වන බවයි ලංකා ඉන්ධන ඛෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ.

ඊයේ රාත්‍රියේත් අද (27) දිනත් බොහෝ ඉන්ධන පිරවුම්හල් අසළ ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර කැප්පෙටිපොල විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිල පහළ යාමට ද මේ ඉන්ධන අර්බුදය බල පා ඇති බවයි කැප්පෙටිපොල ආර්ථීක මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසන්නේ.

එම සංගමය සඳහන් කරන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් පිට පළාත්වලින් එළවළු නොලැබීම හමුවේ ඉන්ධන මිල පහළගොස් ඇති බවයි.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය පදනම් කරගෙන හෙට සිට පෞද්ගලික බස් රථ ධාවන වාර සීමා කිරීමට තීරණය කර ඇති බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාවවය ලබා දී ඊට අදාල කාලසටහනකට අනුව බස් රථ ධාවනය සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර පවතින විදුලි හා ඉන්ධන අර්බුදය හමුවේ අද (27) දහවල් කාලයේ ද කාණ්ඩ 03 ක් යටතේ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව ප්‍රකාශ කළා.

මේ අතර නිර්මාණය වී ඇති ඉන්ධන ගැටලුව හේතුවෙන් අද (27) දිනයේ සහ ඊයේ රාත්‍රියේත් ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම් දක්නට ලැබුණා.

මාස කිහිපයක සිට ඉන්ධන හා විදුලි අර්බුදය ක්‍රියාත්මක වීම නිසා මහා පාරිමාන හා සුළු පරිමාන ව්‍යාපාරිකයින් ඇතුලු ජනතාවගේ දෛනික ජීවිතයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

රටේ පවතිනි විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට විදුලි බල මණ්ඩලයට නොහැකි වී තිබෙන්නේ තාප විදුලි බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හා ජල විදුලි බලාගාරවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහළ යාමයි.

මේ තත්ත්වය හමුවේ තාප විදුලි බලාගාර කිහිපයක් මේ වන විට ඇණහිටී ඇති අතර, ජලවිදුලි බලාගාරවල විදුලි ජනන ක්‍රියාවලියද අඩාලවයි පවතින්නේ.

ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවස්ථා කිහිපයකදී කාණ්ඩ කිහිපයක් යටතේ විදුලි කප්පාදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අද දහවල් කාලයේදීත් කලාප තුනක් යටතේ පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කරනු ලබනවා.

එහෙත් අද රාත්‍රී කාලයේදී විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගිතා කොමිසන් සභාව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මීට පෙර ප්‍රකාශ කළ පරිදි කාණ්ඩ 09 ක් යටතේ පසුගිය දින කිහිපයේදී විදුලි කප්පාදු කිරීම් සිදු වුණා.

තවත් පුවත්