නුවරඑළිය ප්‍රදේශයේ සංචාරකයක් සඳහා පැමිණි අඹුසැමි යුවලක් නුවරඑලිය කලුකැලේ ප්‍රදේශයේ නවාතැන්පොලක කාමරයක් තුලදී අද (27) අලුයම මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ කුරුණැගල ගොකරැල්ල නැකන්න ප්‍රදේශයේ පදිංචි එච්.එම්.ඒ.කේ.හේරත් (59) ,එම්.ඒ.එම්.එන්.මොලගොඩ (58) යන අයයි.
කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ සිට නුවරඑළිය කලුකැලේ ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පොලකට පවුලේ සමාජිකයන් සමග පැමිණි අදාළ අඹුසැමි යුවල ඊයේ (26) මධ්‍යම රාත්‍රිය තෙක් නවාතැන්පොලේ බාබකියු උඳුනෙන් මස් පුළුස්සා අනුභව කිරීමෙන් අනතුරුව බාබකියු උදුන සිය කාමරය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.
ඒ නුවරඑළිය ප්‍රදේශයේ පවතින අධික සීතල කාලගුණයත් හේතුවෙන්.
මිය ගිය අඹුසැමි යුවල අද අලුයම අවදි නොවීම නිසා පවුලේ සාමාජිකයන් විසින් ඔවුන් දෙදෙනා රැඳී සිටි කාමරය විවෘත කර බලන අවස්ථාවේ දෙදෙනාම මියගොස් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.
බාබකියු උඳුනෙන් පිටවූ විස දුමාරය අග්‍රහණය විමෙන් දෙදෙනා මිය යන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලීසිය සැක කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.