A Brand of Non Media Shout (Private) Limited

මෙරට සයිබර් අපරාධ වල ඉහළ යෑමක්..

දෛනිකව ලැබෙන සයිබර් අපරාධ පැමිණිලිවල ඉහළ යාමක් සිදුව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. ඔහු සඳහන් කළේ, වර්ෂයකට පැමිණිලි

මිතුරන් සමග ‌බෙදාගන්න

දෛනිකව ලැබෙන සයිබර් අපරාධ පැමිණිලිවල ඉහළ යාමක් සිදුව ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඔහු සඳහන් කළේ, වර්ෂයකට පැමිණිලි 2,500ක පමණ සංඛ්‍යාවක් මීට පෙර ලැබුණ ද මේ වන විට එම තත්ත්වය වෙනස්ව ගොස් දිනකට පැමිණිලි 15ත් 20ත් අතර සංඛ්‍යාවක් ලැබෙන බවයි.

සයිබර් අපරාධ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් වින්දිතයින් බවට පත්වන්නේ කාන්තාවන් බව ඔහු සඳහන් කළේ.

කාන්තාවන්ගේ ඡායාරූප ව්‍යාජ ලෙස වෙනස් කොට අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නිර්මාණය කිරීම සහ බෙදා හැරීම ආදිය සිදු කරන්නන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකි අතර වසර 3ක සිර දඬුවම් ලබා දිය හැකි බව ඔහු පැවසුවේ.

එමෙන්ම, පරිගණකයකටට ඇතුළු වී දත්ත සොරකම් කරන්නන්ට වසර 7ක් දක්වා කාලයක් සිර දඬුවම් ලබා දිය හැකි බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

කිසියම් අයෙකු විදේශයක සිට සයිබර් අපරාධයක් සිදු කළ ද එය මෙරට පුද්ගලයෙකුට එය අදාළ වන්නේ නම්, මෙරටදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නෛතික ප්‍රතිපාදන පවතින බව ඔහු වැඩිදුරට ත් සඳහන් කර සිටියා.

තවත් පුවත්