සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (27) පැවැති විස්සයි විස්ස තරගයෙන් කඩුලු 6ක ජයක් ඉන්දියාවට හිමි වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාණ්ඩාය කඩුලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළ අතර .ශ්‍රී ලංකා කාණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක නොදැවී ලකුණු 74ක් රැස් කළා.
ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16 .5ක් තුළ කඩුලු 4ක් දැවී ජයග්‍රහණය කළ අතර ශ්‍රේයස් අයියර් නොදැවී ලකුණු 73ක් රැස් කළා.
ඒ අනුව තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.