A Brand of Non Media Shout (Private) Limited

යුක්‍රේනයේ සිවිල් වැසියන් මහමගදී වෙඩි තබා මරා දමයි..

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඉරිදා දිනය වනවිට යුක්‍රේනයේ  මානව හිමිකම්

මිතුරන් සමග ‌බෙදාගන්න

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉරිදා දිනය වනවිට යුක්‍රේනයේ  මානව හිමිකම් කොමසාරිස් විසින් ළමුන් කිහිප දෙනෙකු ඇතුළු සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 210ක් ලෙස දක්වා තිබෙනවා.

මියගිය අය අතර Kyiv අගනුවර ප්‍රාථමික පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි Polina නම් දැරියද සිට තිබෙන බවයි පැවසෙන්නේ.

Kyiv හි පළාත් පාලන අධිකාරිය පවසන්නේ ,අගනුවරට වයඹ දෙසින් වීදියකදී රුසියානු කඩාකප්පල්කාරී සහ ඔත්තු බැලීමේ කණ්ඩායමක් විසින් ඇය සහ ඇගේ දෙමාපියන් වෙඩි තබා මරා දමා තිබෙන බවයි

පොලිනාගේ සහෝදරයා සහ සහෝදරිය රෝහලට ගෙන යාමෙන් පසුව සොහොයුරිය දැඩි සත්කාර ඒකකයට ඇතුල් කර තිබෙනවා

තවත් සිවිල් වැසියන් කිහිප දෙනෙකු මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම ළදරු පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් හත් හැවිරිදි දැරියක් මිය ගොස් ඇති අතර දකුණේ පිහිටි ගම්මානවලට වෙඩි තැබීමෙන් යුක්‍රේනයේ සාමාජිකයින් 10 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

තවත් පුවත්