A Brand of Non Media Shout (Private) Limited

කිතල් ඇල්ලෙන් වැටී විදේශිකයෙක් ජීවිතක්ෂයට….

ඇල්ල පොලිස් වසමේ කිතල් ඇල්ල නැරඹීමට ගිය විදෙස් ජාතිකයෙකු දිය ඇල්ලෙන් වැටී මියගොස් තිබේ. ඊයේ (27) දහවල් කාලයේදී අල්ල එම අනතුර සිදුව ඇති බව

මිතුරන් සමග ‌බෙදාගන්න

ඇල්ල පොලිස් වසමේ කිතල් ඇල්ල නැරඹීමට ගිය විදෙස් ජාතිකයෙකු දිය ඇල්ලෙන් වැටී මියගොස් තිබේ.

ඊයේ (27) දහවල් කාලයේදී අල්ල එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, 33 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරරීය බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද (28) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුතරයි.

තවත් පුවත්