ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා විසින් මෙරටට විශාල විදේශ විනිමයක් රැගෙන ආ හැකි නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වාදී තිබේ.
ලංකාවේ නම ක්‍රිකට්වලින් ජාත්‍යන්තරයට අරන් ගිය ඔහු මේ වෙනවිට එම නිෂ්පාදනයන් “සිලානි” නමින් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇත.
පින්තැන්න ප්ලාන්ටේෂන් කර්මාන්ත ශාලාවේ හිමිකරු වන කුමාර් ධර්මසේන මහතා ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.
“ශ්‍රී ලාංකිකයෙක් හැටියට මං ඉතාම ආඩම්බරයි අපේ ලංකාවේ ඒකදේශික ශාකයක් වන වල්ලපට්ට ශාකයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ට අපේම නිෂ්පාදන වන සිලානි නාමයෙන් යෑම ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා.”
2008 වසරේ දී ඉන්දියාවේ සිටින මිතුරෙකුගේ මාර්ගයෙන් වල්ලපට්ටා ශාකයේ පළමු බීජය තමාට හමුවූ බව ද කුමාර් ධර්මසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.
පසුව ලංකාවේ පර්යේෂණ කර එම වගාව වැඩිදියුණු කළ බව ද ඔහු පැවසීය.
“දැනට අපි ගාව ගස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. වැඩ කොටසක් තියෙනවා ශාකයට කරන්න පුළුවන්. පළමු අවුරුද්දේ කොහොම ද? තුනේ ඊට පස්සේ හතරේ දී කොහොම ද කරන්නේ. අපි මේකට පින්තැන්නේ හදාගත් ක්ෂුද්‍ර ජීවියෙක් ඇතුළු කරනවා. ඒ තුළින් ශාකය ඇතුළේ අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබාගන්නේ.”
අද වනවිට මෙම සිලානි නිෂ්පාදනය හා සාපේක්ෂව අතුරු නිෂ්පාදන රැසක් ද වෙළෙඳපොළට නිකුත් කර තිබේ.
සිලානි නිෂ්පාදන සඳහා මේ වනවිට අරාබිය ඇතුළු රටවල් කිහිපයක විශාල ඉල්ලුමක් පවතී.
සිලානි නිෂ්පාදන අතර, තෙල් වර්ග හා හඳුන්කූරු ප්‍රමුඛස්ථානයක් ගනී.
සිලානි නිෂ්පාදනවලින් වසරකට ඩොලර් මිලියනයක විදෙස් විනිමය ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, මාස 6ක් වැනි කාලයක් තුළ දී ඩොලර් 750,000ක මුදලක් ලංකාවට රැගෙන විත් ඇති බවත් කුමාර් ධර්මසේන මහතා පැවසීය.
“මගේ නාමයෙන් උනන්දුවා කියන නාමයෙන් ජාත්‍යන්තරයට සුවඳ විලවුම් ගේන්න බලාපොරොත්තු වෙනවා.”