ශී‍්‍ර ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප‍්‍රබලතම ආරක්ෂක පෙළ කී‍්‍රඩකයකු වන ඩක්සන් පස්ලාස් මාලදිවයිනේදී මියගොස් තිබේ. ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය මේ බව නිවේදනය කර සිටියේය.
31 හැවිරිදි ඩක්සන් මියයන විට මාලදිවයිනේ වැලෙන්සියා පාපන්දු කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් එරට ලීග් පාපන්දු තරගාවලිකට කී‍්‍රඩා කරමින් සිටියේය. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිරුර ඔහු වාසය කළ මහල් නිවාසයේ තිබී පසුගිය 26 වැනිදා හමුවී ඇති බවට වාර්තා වේ.
මන්නාරමින් පාපන්දු කී‍්‍රඩාවට අවතීරණ වූ ඩක්සන් පස්ලාස් මෑත කාලයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කළ දක්ෂතම කී‍්‍රඩකයෙකි. 2018 වසරේ සිට ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ඩක්සන් ශී‍්‍ර ලංකාවේ පැවැති පසුගිය සුපර් ලීග් තරගාවලියේදී මීගමුව යූත් කී‍්‍රඩා සමාජය නියෝජනය කළේය.