A Brand of Non Media Shout (Private) Limited

පියා ඝාතනය කළ 22 හැවිරිදි පුත්‍රයා..ආනන්තරීය පාපකර්මයක්

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ ඝාතනය පුතෙකු විසින් මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කර ඇති පුවතක් කුරුවිට, බටතොට ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. පුද්ගලික ආරවුලක් හේතුවෙන් එම

මිතුරන් සමග ‌බෙදාගන්න

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදුවූ ඝාතනය

පුතෙකු විසින් මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කර ඇති පුවතක් කුරුවිට, බටතොට ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

පසුගිය 26 වනදා බටතොට ප්‍රදේශයේ කුණු වළක වැටී පුද්ගලයෙකු මියගොස් අති බවට කුරුවිට පොලීසියට මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් පැමිණිල්ලක් කර තිබුණි.

එම මරණය සැක සහිත බව ට අදාළ කාන්තාව විසින් කුරුවිට පොලීසියට පවසා තිබුණි.

කුරුවිට පොලීසිය ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම මරණය ඝාතනයක් බව ට හෙළිදරව් වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 57 හැවිරිදි බටතොට, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ ඝාතනය සිදුකළ සැකකාර 22 හැවිරිදි පුත්‍රයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

තවත් පුවත්