රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා ඇරඹෙයි…

රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දෙරටම මීට පෙර එකඟ වූ පරිදි බෙලරුස් දේශ සීමාවේදීයි

මිතුරන් සමග ‌බෙදාගන්න

රුසියාව සහ යුක්‍රේනය අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙරටම මීට පෙර එකඟ වූ පරිදි බෙලරුස් දේශ සීමාවේදීයි මෙම සාකච්ඡා ආරම්භ වී ඇත්තේ.

සාකච්ඡාවට එක්ව සිටින රුසියානු ප්‍රධානියෙකු සඳහන් කළේ පාර්ශ්ව දෙකටම යහපත්වන එකඟතත්වයකට පැමිණීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බවයි.

රුසියානු හමුදාව විසින් යුක්‍රේනයට ඇතුළු වී අදට දින 05ක් ගතවන අතර මේ වනවිට යුක්‍රේනය වැසියන් ලක්ෂ 05කට ආසන්න සංඛ්‍යාවක් සිය මව්බිම අතහැර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ප්‍රහාර වලින් යුක්‍රේන සිවිල් වැසියන් 352ක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර කුඩා ළමුන් 13 දෙනෙකු ද සිටින බවයි යුක්‍රේන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

තවත් පුවත්