රුසියානු-යුක්‍රේන අර්බුදය ගැන ඉන්දීය ස්ථාවරය මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.
නමුත් රුසියාව සහ බටහිර රටවල් සමග ඇති සබඳතා මධ්‍යස්ථ ලෙස පවත්වා ගෙන යාමට ඔවුන් යම් ප්‍රයත්නයක් දරයි.
පසුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් ඉන්දීය නියෝජිතයා අදහස් දැක්විය.
නමුත් ඔහු එහිදී කිසිදු පාර්ශවයක් එල්ලකර අදහස් දැක්වීමෙන් වැලකි සිටියේය.
ඔහු පැවසුවේ රාජ්‍ය තාන්ත්‍රිකව අදහස් හුවමාරු කර ගෙන මෙම ගැටලුව විසඳිය යුතුව තිබූ බවට ජාත්‍යන්තර ප්‍රජාව ගෙන ආ යෝජනා සැලකිල්ලට නොගැනීම කණගාටුවට කරුණක් බවය.
නමුත් ඔහු රුසියාව විවේචනය කිරීමෙන් වැළකී සිටියේය.
යුක්‍රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ගත් තීරණය ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වූ අතර එහි ඡන්ද විමසීමට පෙර රුසියාව පමණක් නොව අමෙරිකාව සහ යුක්‍රේනය ද ඉන්දියාවෙන් ඉල්ලුවේ නිවැරදි දේ කරන ලෙසය.
යුක්‍රේනය සහ රුසියාව ප්‍රසිද්ධියේ ඉල්ලීම් කළේ පැහැදිලි ස්ථාවරයක් ගන්නා ලෙසය.
ඡන්ද විමසීමේදී ඉන් ඉවත්වීමට ඉන්දියාව තීරණය කළේ දෙපැත්ත බේරා ගැනීමට බව විශ්ලේෂකයෝ පවසති.
නමුත් ඔවුන් නිකුත්කළ නිවේදනය හොඳින් අධ්‍යයනය කළවිට වැටහෙන්නේ “ජාත්‍යන්තර නීතියට හිස නවන්න” යනුවෙන් ඔවුන් රුසියාවට ව්‍යංගව දන්වා ඇති බවකි.